Friday, August 21, 2015

ඇරෝ ගැන ඔබ නොදන්නා කරුණු 10 ක්

2 comments

ඇරෝ ගැන ඔබ නොදන්නා කරුණු 10 ක්


සමහර අය මේවා ගැන දන්නවාත් ඇති............දන්නෙ නැති අය බලන්නකෝ............

1.ඇරෝගේ ගෙදර ඒ කිව්වේ The Queens mansion තිබෙන්නේ 2001 විකාශය වූ කතා මාලාවේ ලුතර්ගේ මාලිගාව නම් ස්ථානයේ බව.තවද මෙය X men චිත්‍රපටයේ බලයන් සහිත ලමයින් සිටින "Xavier School of Gifted Youngsters"ස්කෝලය රූගත කිරීමටද ගත් බව....


2.Smallville කතා මාලාවේ සේම සෑම කතාන්ගයකම මාතෘකාවක් Arrow කතාන්ගයේ චරිතයක් විසින් කියනු ලබයි
.
3.Arrow විසින් Barry Allen ව හදුන්වාදෙන්නේ Season 2 හිදීය.ඒ ඔහුගේ CW හි The Flash නම් සුපිරි වීරක්‍රියා වැඩසටහනට අතදීමක් වශයෙනි.DC වීරයන්ගේ සාමුහික TV විශ්වයේ ආරම්භයකි මෙයයි.

4.Atom,The Flash සහ Green Arrow මෙම වැඩසටහනහි සිටී.ඔවුන් Justice League හි ශක්තිමත්ම සාමාජිකයන් වේ.ඇටොම් චරිතයට පන පොවනBrandon Routh superman returns හි සුපර්මෑන් චරිතයට පන පොවා ඇත.ඔහු Justice League හි ආරම්බක සාමාජිකයා වේ.



5.තමාගේ දුන්න අත දරා නොසිටින විට යම්කිසි බියක් ඔලිවර්ට දැනෙන ආකාරයට Stephen Amell චරිතයෙන් විදහා දක්වයි.

6.ටොමී හා මැල්කම් මර්ලින් යන චරිත වලට පන පොවන John Barrowman සහ Colin Donenell අතර සැබෑ ජීවිතයේ වයස් පරතරය අවුරුදු 14කි.ඔවුන් මෙහි රගපාන්නේ පියා හා පුතු වශයෙනි.

7.Green Arrow : Year One හි රචක ඇන්ඩි ඩිග්ල් ට ගරු කිරීමක් ලෙස ජෝන් ඩිග්ල් චරිතයට ඔහුගේ නම යොදාගෙන තිබේ.ඔහුගේ එම නිර්මානය මෙම වැඩසටහන සදහා ප්‍රධාන රුකුලක් වී ඇත.



8.Season 2 වනතෙක් ග්‍රීන් ඇරෝ යන නම බාවිතා නොකෙරේ.Season 1 පුරාවට ඔහුව හැදිනුවේ green hooded guy හෝ The vigilante ලෙසය.



9.ඔලිවර්ගේ රාත්‍රී සමාජ ශාලාව නම Verdant ය.එහි තේරුම "දීප්තිමත් කොල පාටින් යුක්ත"යන්නයි.තවද " V " අකුරෙන් පිලිබුබු වන්නේ ඊතලයක හිසයි.



10.මෙම වැඩසටහනේ නින්ජාවරු මෙන් සිටින සතුරන් නිවැරදිව නම් කරනු ලබන්නේ The League Of Assassins වශයෙනි.එය මෙවැනිම චිත්‍ර කතා පොත් මාලාවක් ආශ්‍රයෙන් නම් කර ඇත.DC චිත්‍රපට ලෝකයේ(The Dark Knight Trilogy) මෙම කණ්ඩායමම League of Shadows යනුවෙන් හදුන්වනු ලබයි.


 මේ ඉන්නෙ මේ එක දාන්න මට උදව් කරපු කෙනා Nalaka malinda Perera මෙයා තමායි Sinhala Translate කලේ.....මෙයාට සප් එකක් විදියට
මෙතනින් ගිහින් මෙයාගේ පේජ් එකට ගිහින් Like එකක් දාන්න.තව Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා

2 comments :

  1. justice league eke arambaka samajikaya barry allen comic wala ena widihata

    ReplyDelete
  2. නෑ බන් සුපර්මෑන් අයියා බන්............

    ReplyDelete