Sunday, September 6, 2015

ලෝකයේ වටිනාම රථ ගාල

No comments
ලෝකයේ වටිනාම රථ ගාල


ඔන්න අද කියන්න යන්නේ ටිකක් අමුතු කතාවක්.ඒ තමයි ලෝකයේ වටිනාම රථ ගාල ගැන.ඉතින් මේ රථගාලේ අයිතිකරුවා වෙන්නේ සුපිරි බොක්සිං ශූර ෆ්ලොයිඩ් මේව්දර්...


මේ ඔහුගේ රථ ගාල පසුගියදා ඔහු පුහුනුවීම් සදහා ගෙනත් තිබූ අයුරු...



 මෙයාගේ රථගාලේ තීයෙන කාර් වර්ග ටික බලන්නකෝ මිලත් එක්ක......

(1)
Ferrari 458 Italia ($300,000=රුපියල් කෝටි 4)

(2,3)
Bugatti Veyron($1.5m=රුපියල් කෝටි 16)

(4)
Bugatti Veyron Grand Sport Covertible($2.5m=රුපියල් කෝටි 33)

(5)
Koenigsegg CCXR Trevita($4.8m=රුපියල් කෝටි 62)

ඉතින් මේව්දර් රථ ගාලේ තියෙන රථගාලේ මුලු වටිනාකම රුපියල් කෝටි 131ක්.ඉතින් මෙවායින් වැඩිම වටිනාකම ඇති හා ලගදිම මිලට ගත්ත කාර් එක තමයි Koenigsegg CCXR Trevita .මේවෙදර්ගේ මුලු වත්කම ගත්තොත් රුපියල් කෝටි 5,200 විතර වෙනවා.ඉතින් ඔහුට මේවා සුලු දේවල්.මොහුව හදුන්වන්නෙත් "මනී" යන අනුවර්ත නාමයෙන්.
ඔය තියෙන්නේ ඔහුගේ කාර් කීපයක් මේ ඔහුගේ සම්පුර්න රථ ගාල
ගනන් හිතා ගන්න පුලුවන්නේ


නැවත හමුවෙමු!!!!!!!!






Thursday, September 3, 2015

සුප්‍රසිද්ද නළු Will Smith ගැන

No comments

සුප්‍රසිද්ද නළු Will Smith ගැන


ඔහු සුප්‍රසිද්ද පුතෙකුගේ පියෙක්,‍රැප් ගායකයෙක්.ඝීත රචකයෙක්,නලුවෙක්.අද අපි කියන්න යන්නේ ගැනයි. 
මොහුගේ නම විල් ස්මිත්.වයස අවු 46ක් වෙනවා.1968 සැප්තැම්බර් 25 තමයි මොහු ඉපදුනේ.
මොහුව හුගක් අය දන්නේ සුපිරි බලයක් තියෙන "හැන්කොක්(Hancock)" ලෙසය.


මොහු මේ වන විට වසර 30ක් පමණ කලා ක්ශේත්‍රයේ ‍රැදී ඉන්නවා.Bad boys,Hancock,I am Legend,I Robot,Men In Black(MIB)මොහු රගපෑ ප්‍රසිද්ද චිත්‍රපට ලෙස හැදින්විය හැක.2007 වසරේදී මොහු HollyWood යේ බලවත්ම නලුවා ලෙසද හැදින්විනි.
මොහුගේ පුතු වන්නෙ ප්‍රසිද්ද ගායක,නලු ජේඩ්න් ස්මිත්(Jaden Smith) ය.මොහුට තව දියණියක්ද සිටී.ඇය Wilow Smith ය

Jaden Smith

Willow Smith

මොහුගේ පුතු ඔබ The Karati Kid (2011) චිත්‍රපටයෙන් දැක තිබෙනවාද ඇති.After Earth,The Pursuit Of Hapiness චිත්‍රපට වල මොවුන් දෙදෙනා එකට රංගනයෙන් දායක වේ.

එහෙනම් නැවත හමුවෙමු!!!!






Tuesday, September 1, 2015

ඔයාලා ආස Michael Jackson ගැන

No comments
ඔයාලා ආස Michael Jackson ගැන 


ඔන්න අද කියන්න යන්නේ කවුරුත් දන්න කියන සුපිරි චරිතයක් ගැන.හැබැයි මොහු දැන් ජීවතුන් අතර නැහැ.ඒ තමයි මයිකල් ජැක්සන්.

මෙයාගේ සම්පූර්ණ නම තමයි මයිකල් ජෝශප් ජැක්සන්.උපත ලැබුවේ 1958 අගෝස්තු 29 වෙනිදා.මොහු මිය ගියේ 2009 ජූනි 25 වනදා.මිය යන විට වයස අවු 51ක් වෙනවා.
මොහු සංගිත ක්ශේත්‍රයට පිවිසියේ 1964 දීය.විවාහයන් 2ක් සිදුකරගෙන ඇත.
(1)
ලීසා මාරි විට්නස්(1965-1987)

(2)
දෙබෝරා ජේන් රෝච්

දරුවන් 3දෙනෙක් ඉන්නවා.ඒ තමයි මයිකල් ජෝශප් ජැක්සන්,පැරිස් මයිකල් කැතරින් ජැක්සන්,ප්‍රින්ස් මයිකල් ජැක්සන්.මොහු හට අක්කර 2700 ක් පමන විශාල වත්තක් හා සුපිරි මන්දිරයක් තිබිනි.
මොහුගේ සින්දු ඇල්බම් 45 පමන තිබෙනවා.තවද ලෝකයේ දිගම කාලයක් දාවනය වන ගීතයද මොහුගෙය.එම ගීතයහි නම වන්නේ ය.එහි දාවන කාලය මිනිත්තු 39 තත්පර 31කි.තවද මොහුගේ මුලු වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 600 කි.

ඉතින් අද කතා කලේ සුපිරි ගායකයෙක් පිලිබදව.Post එක හොදනම් Comment එකක් දාගෙනම යන්න.

Sunday, August 30, 2015

සුප්‍රසිද්ධ ගායිකාව Rihanna ගැන

No comments
සුප්‍රසිද්ධ ගායිකාව Rihanna ගැන


හොදයි ඔන්න අද කියන්න යන්නේ ප්‍රසිද්ද ගායිකාවක් වන "රිහානා"ගැන.
මෙයාගේ සම්පූර්න නම තම්යි "රොබින් රිහානා ෆෙන්ටි".ඉපදිලා තියෙන්නේ 1988 පෙබරවාරි 20 වනදා.වයස අවුරුදු 27යි.
මෙයා ගායන ක්ෂේත්‍රයට ඇවිල්ල තියෙන්නේ එයාගේ යාලුවෙකු මාර්ගයෙන්.ඒ 2005 දී.2005 දී මෙයාගේ ප්‍රතම සංගීත ඇල්බමය Music Of The Sun වන එලිදැක්වීය.එයට ‍රැප් ගායකයකු වන දායක විය.


2007 දී මෙයාගේ Umbrella ගීතයට Grammy Award සම්මාන උලෙලදී Best Rap/Sung Collaboration යන සම්මානය හම්බ උනා.මෙයාගේ මිලියන 41 ක් පමන ගීත ඇල්බම මේ වන විට විකිනී ඇත.ලෝකයේ වැඩිම ආදායමක් උපයන ගායිකාව ලෙසද ප්‍රසිද්දව සිටී.මේ වන විට රිහානට පෙම්වතුන් 20ක් ඉදලා තියෙනවා.මෙයාගේ ශරීරයේ පච්ච 21 ක් තියෙනවා.මෙයාගේ ගීත ඇල්බම් විකුනලා හොයා ගත්ත මුලු වත්කම $120,000,000ක්(මටනම් කියෝ ගන්නත් බෑ).

එහෙනම් මම ගියා........Post එක හොදනම් Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා......

ඔයාලා ආස Black Widow ගැන

No comments
ඔයාලා ආස Black Widow ගැන


ඉතින් ඔන්න අදත් මන් ආවා තවත් ප්‍රසිද්ද Marvel සුපිරි චරිතයක් ගැන විස්තර අරන්.
මෙයාට කියන නම තමයි Black Widow.මෙයාට රගපාන්නේ Scarlett Johansson නම් නිලියයි.


මේ සුපිරි නිලිය උපත ලබන්නේ 1984 නොවැම්බර් 22 දා.වයස අවුරුදු 30ක් වෙනවා(ඒ උනාට පේන්නේ 18යි වගේ).කසාද දෙකක් කරගෙන තියෙනවා.
(1)
රේයන් රෙනොල්ඩ්(2008-2011)


(2)
රොමේන් ඩවුරික්(2014)


 මෙයාට හොදට සින්දු කියන්නත් පුලුවන්.
මෙයා රංගන ශිල්ඵිනියක් විදිහට ශේත්‍රයට ආවේ 1994 දී.මුලින්ම රගපාපු චිත්‍රපටය තමයි "North".
ඉන්පසු මෙයා The horse whisperer,Ghost World,Lot In Translation,Girl With A Pearl Morning වැනි චිත්‍රපටි සදහා රංගනයෙන් දායක විය.
මෙයා වැඩිපුරම ප්‍රේක්ශකයන් අතර ජනප්‍රිය වුනේ Back Widow චරිතයෙන්.


ඉතින් මෙයා Black Widow විදිහට රගපාපු Captain America Winter Soldier,The Avengers වැනි චිත්‍රපට ආදායම් වාර්තාද තැබුවා.
මෙයා සින්දු කියන්න දක්ශයි කියලා මන් කිව්වනේ.මෙයාගේ ප්‍රථම ගීත ඇල්බමය තමයි Anywhere I Lay My Head.ඒක 2008 එලිදැක්වුවේ.
මෙයා චිත්‍රපට මේ වන විට 45 කට දායක වෙලා තියෙනවා.මෙයා 2015 දී Popular Hollywood Actress 2015 යන සම්මානය දිනා ගත්තා.

ඉතින් Post එක හොදනම් Comment එකක් දාගෙනම යන්න අමතක කරන්න එපා.........නැවත හමුවෙමු.........




Friday, August 28, 2015

ඇරෝගේ Fans ලට පට්ට Video එකක්

No comments
 ඇරෝගේ Fans ලට පට්ට Video එකක්


ඔන්න අදත් අරගෙන ආවා ඇරෝගේ Fans ලට හොදට හිනාවෙවී බලන්න පුලුවන් Video එකක්.ඇරෝ කතාමාලාව හදද්දී වෙච්ච ඇබැද්දි එහෙම නැත්තම් වැරදීම් දැකලා තියේද?මේ බලන්නකෝ.මරු මරු වැඩ වෙනවා.........


Post එක හොදනම් Comment එකක් දාගෙනම යන්න.......අපි ගියා එහෙනම් නැවත හමුවෙමු.........

Wednesday, August 26, 2015

ප්ලාස්ටික් වලින් තරු වෙලා ඉන්න අය

No comments
ප්ලාස්ටික් වලින් තරු වෙලා ඉන්න අය


අද මන් කියන්න යන්නේ විවිධ ප්ලාස්ටික් සැත්කම් වලින් ලස්සන වෙලා ඉන්න නිලියන් ගැන...........හොදයි මේගොල්ලන් Hollywood සහ Bollywood වලත් ඉන්නවා.මේ බලන්නකෝ.........
(1)
ජෙනිෆර් ලෝපෙස්(Jennifer Lopez)

මෙයාගේ වයස මේ වනවිට අවු 46 ක් ඒත් තාම කෙල්ල වගේ ඉන්නවා ඒ ඉතින් ප්ලාස්ටික් සැත්කමේ පිහිටෙන් තමයි.මෙයා නලලේ හා ඇස් යට ‍රැලි ඉවත් කරන ප්ලාස්ටික් සැත්කමක් තමයි කරගෙන මෙහෙම ලස්සනට ඉන්නෙ.....
(2)
කිම් කර්ඩිෂන්(Kim Kardashian)

මෙයාට තියෙන්නේත් සාමාන්‍ය ශරීරයක් නෙවේ.මෙයාත් තම පියයුරු හා පි‍ටුපස ප්‍රදේශය ප්ලාස්ටික් සැත්කමකට භාජනය කරලා තියෙන්නේ.......
(3)
බ්‍රිට්නි ස්පියර්ස්(Britney Spears)

මේ ඉන්නේ ඔයා මම කවුරුත් ආස කරන ගායිකාවක්නේ.මෙයාත් තොල් හා නාසයට ප්ලාස්ටික් සැත්කම් කරගෙන ඇත.
(4)
බිපාශා බාසු(Bipasha Basu)

මෙයා සැත්කම් 3ක් කරගෙන තියෙනවා.ඒ පියයුරු,කම්මුල් හා නලල වෙතටයි.
(5)
අනුශ්කා ශර්මා(Anushka Sharma)

කෝලිකුට්‍ටුවාගේ කෑල්ල වන අනුශ්කා ශර්මාත් තොල් සිහින් කර ගැනීමේ ප්ලාස්ටික් සැත්කමක් කරගෙන ඇත. 

ඉතින් Post එක හොදනම් Comment එකක් දාගෙනම යන්න.නිකම්ම යන්නේ නැතුව........නැවත හමුවෙමු

Monday, August 24, 2015

ඇරෝගේ Summer Slam තරගය

No comments
Stephen Amell සහ Stardust ගේ Summer Slam තරගය


ඇරෝගේ Summer Slam තරගය බැලුවෙ නැති අය මෙතනින් බලන්න.......සුපිරි ආහ් අපේ ඇරෝ අයියාගේ වැඩ........බලලා Comment එකක් දාගෙනම යන්නකෝ............



සුපිරි නළු Tom Cruise ගැන

No comments
ඔන්න අද ගෙනාවා ඔයගොල්ලෝ ආස තවත් සුපිරි චරිතයක් එක්කමෙයාගේ සුපිරිම සුපිරි චිත්‍රපටියක් ලගදී නිකුත් උනා......



මෙයාගේ නම තමයි ටොම් කෲස්.ලගදී නිකුත් උනු මෙයගේ සුපිරි චිත්‍රපටය තමයි Mission Impossible Rogue Nation.......

හරි දැන් මම කියන්න යන්නේ මෙයාගේ පෞද්ගලික ජීවිතය ගැන....මෙයාගේ සම්පුර්ණ නම තමයි ‍තෝමස් කෲස් මැදපෝර්.1923 ජූලි 3 වෙනිදා තම්යි මෙයා උපත ලැබුවේ.ඒ කිව්වේ ඩැන් අවුරුදු 53 ක් වයසයි.මෙයා විවාහයන් තුනක් සිද්ද කර ගත්තා......හැබයි එකක්වත් හරි ගිය පාටක්නම් නැහැ 

(1)
මිමී රොජර්ස්(1987-1990)

              


 (2)
           නිකෝල් කිඩ්මන්(1990-2001)



       (3)
              කේට් හොල්මස්(2006-2012)


ආහ් මෙයාට තව ළමයින් 3 දෙනෙක් ඉන්නවා..

මෙයාගේ රංගන දිවිය ආරම්භ උනේ 1981 Endless Love චිත්‍රපටයෙන්.

ඉන්පසු රගපෑ Mission Impossible චිත්‍රපටයේ ඊතන් හන්ට් චරිතය මොහුගේ රංගන ජීවිතය වෙනස් කලේය.එය ලොව පුරා බිලියන ගනනක් වූ රසිකයන්ගේ ප්‍රේක්ශක ආදරයට ලක් විය. මොහු රගපෑ Mission Impossible 1(1996),Mission Impossible 2(2000),Mission Impossible 3(2006),Mission Impossible Ghost Protocol(20011),Edge Of Tomorrow (2014) වැනි චිත්‍රපට ආදායාම් වාර්තා අතරටද එකතු විය.

මේ වන විට මෙයා සම්මාන 29කුත් දිනා ගෙනයි ඉන්නේ.ඒ වගේම මෙයාගේ වත්කම ඩොලර් මිලියන 480ක්............

එහෙනම් අදට මන් ගියා.POST එක හොදනම් දා ගෙනම යන්න.........නැවත හමුවෙමු........ 

ඇරෝ ගැන Part 2

No comments
ඔන්න අද ගෙනාවා ඇරෝ ඒ කිව්වේ Stephen Amell එයා පුහුනු වෙනවා (work Out එක) ඇරෝ එකේ ඕගොල්ලෝ දැකලා තියෙනවානේ?


දැකලා තියෙනවද ඇරෝ ඒවට ඇත්ත ජීවිතයේදී පුහුනු වෙනවා දැකලා තියෙනවාද?බලන්නකෝ වීඩියෝ එක...........


එහෙනම් බලන්නකෝ...නැවත හමුවෙමු............

Sunday, August 23, 2015

NOKIA සමාගම ගැන

No comments
ඔන්න තවත් එකක් ගෙනාවා.මේ කියන්න යන්නේ NOKIA සමාගම ගැන.........


මෙය පටන් ගෙන ඇත්තේ 1871 කඩදාසි කර්මාන්ත ශාලාවක් ලෙසයි.මෙහි නිර්මාතෘ වන්නේ ‍ෆින්ලන්ත ඉංජිනේරුවෙකු වූ ෆෙඩ්රික් ඉඩෙස්ටාම් විසිනි.


ඉන්පසු මෙම කර්මාන්ත ශාලාව රබර්,කේබල්,ඉලෙක්ට්‍රොනික් උපාංග නිපදවීමට යොමු වූයේය.

මේ තියෙන්නේ NOKIA කර්මාන්තයේ ප්‍රථම ලාංඡනය



1963 හමුදාව සහ හදීසි ඇමතුම් වෙනුවෙන් රේඩියෝ දුරකතන නිපදවීම සිදුකලේය

1982 දී නොකියා සමාගමේ පලමු මෝටර් රථ දුරකතනය හදුන්වා දුන්නේය

1987 අතෙහි දරා ගත හැකි ප්‍රථම දුරකතනය හදුන්වා දීම ඔවුන් පැමිනි මගෙහි විශේශ සංධිස්ථානයකි.මෙහි බර රාත්තල් 1.7 වුයේය.(ඒ කිව්වේ තඩි ගඩොල් භාගයක් විතර).


1999 දී NOKIA 3210 මාදිලිය ඉදිරිපත් කලේය.



2002 දී නොකියා සමාගම පලමු 3G දුරකතනය නිකුත් කලේය.



2003 දී නොකියා සමාගමේ ජංගම දුරකතන ලොව පුරා බිලියනයක් අලෙවි වූයේය.

2007 ලොව 5 වැනියට බලවත්ම සමාගම විය.

2010 දී නිෂ්පාදනය කඩා වැ‍ටුනි.පස්සේ 2011 දී සිය සිම්බියන් මෙහෙයුම් පද්දතිය අතහැර Microsoft Windows මෙහෙයුම් පද්ධති සමග එක්ව Nokia Lumia මාදිලිය ඉදිරිපත් කලේය.

2013 දී යුරෝ බිලියන 4.5(ශ්‍රී ලංකා රුපියල් වලින් නම් මෙන්න මෙච්චරක් Rs.687260106000.00.අම්මෝ මටනම් කියව ගන්නවත් බෑ ) Microsoft සමාගමේ බිල් ගේට්ස් මාමා මේක මිලට ගත්තා.



ෆෙලිසිටි ගැන

No comments
ඔන්න අද post එක ෆෙලිසිටි ගැන..........



ඔයාලා කවුරුත් ARROW කතා මාලාවේ ෆෙලිසිටිට ආසයිනේ?මාත් එයාගේ ලොකු රසිකයෙක්.ඉතින් ඔන්න අද දෙන්න යන්නේ මෙයා ගැන පොඩි විස්තරයක්.........

මෙයා ඉපදුනේ 1991 දී කැනේඩියානු කාන්තාවක් වශයෙනි.මෙයාගේ ඇත්ත නම තමයි "එමලි බෙට් රිකර්ඩ්ස්(Emily Bett Rickards).වයස අවු 23යි.ඔයාලා දන්නවාද මෙයාට හොදට නටන්න ගයන්න පුලුවන් කියලා...මෙයාගේ රංගන දිවිය ආරම්භ වන්නේ 2012 ඇරෝ කත මාලාවෙනි.2013 වර්ශයේදී මැය ඇරෝ කතා මාලාව තුල "හැකර් ෆෙලිසිටි ස්මෝක්" ලෙස ඉතා ජනප්‍රියත්වයට පත් විය.

මැයගේ පලමුව සිනමා රංගනයට දායක වු චිත්‍රපටය වුයේ  Random Acts Of Romance ය.ඉන්පසු ඇය Bacon And Eggs ,Flicka:Country Pride,Romeo Killer: The Chris Porco Story වැනි චිත්‍රපට සදහා දායක වූවාය.

ඇරෝ කතා මාලාව තුල ඇයගේ රංගන හැකියාව හේතුවෙන් ඇයව Leo Awards සහ Teen Choice Award යන සම්මාන උලෙළවල් සදහාද නම් වී ඇත.

ෆෙලිසිටි අක්කා ගැන Post හොදනම් Comment එකක් දාගෙනම යන්න.........නැවත හමුවෙමු


Friday, August 21, 2015

ඇරෝ ගැන ඔබ නොදන්නා කරුණු 10 ක්

2 comments

ඇරෝ ගැන ඔබ නොදන්නා කරුණු 10 ක්


සමහර අය මේවා ගැන දන්නවාත් ඇති............දන්නෙ නැති අය බලන්නකෝ............

1.ඇරෝගේ ගෙදර ඒ කිව්වේ The Queens mansion තිබෙන්නේ 2001 විකාශය වූ කතා මාලාවේ ලුතර්ගේ මාලිගාව නම් ස්ථානයේ බව.තවද මෙය X men චිත්‍රපටයේ බලයන් සහිත ලමයින් සිටින "Xavier School of Gifted Youngsters"ස්කෝලය රූගත කිරීමටද ගත් බව....


2.Smallville කතා මාලාවේ සේම සෑම කතාන්ගයකම මාතෘකාවක් Arrow කතාන්ගයේ චරිතයක් විසින් කියනු ලබයි
.
3.Arrow විසින් Barry Allen ව හදුන්වාදෙන්නේ Season 2 හිදීය.ඒ ඔහුගේ CW හි The Flash නම් සුපිරි වීරක්‍රියා වැඩසටහනට අතදීමක් වශයෙනි.DC වීරයන්ගේ සාමුහික TV විශ්වයේ ආරම්භයකි මෙයයි.

4.Atom,The Flash සහ Green Arrow මෙම වැඩසටහනහි සිටී.ඔවුන් Justice League හි ශක්තිමත්ම සාමාජිකයන් වේ.ඇටොම් චරිතයට පන පොවනBrandon Routh superman returns හි සුපර්මෑන් චරිතයට පන පොවා ඇත.ඔහු Justice League හි ආරම්බක සාමාජිකයා වේ.



5.තමාගේ දුන්න අත දරා නොසිටින විට යම්කිසි බියක් ඔලිවර්ට දැනෙන ආකාරයට Stephen Amell චරිතයෙන් විදහා දක්වයි.

6.ටොමී හා මැල්කම් මර්ලින් යන චරිත වලට පන පොවන John Barrowman සහ Colin Donenell අතර සැබෑ ජීවිතයේ වයස් පරතරය අවුරුදු 14කි.ඔවුන් මෙහි රගපාන්නේ පියා හා පුතු වශයෙනි.

7.Green Arrow : Year One හි රචක ඇන්ඩි ඩිග්ල් ට ගරු කිරීමක් ලෙස ජෝන් ඩිග්ල් චරිතයට ඔහුගේ නම යොදාගෙන තිබේ.ඔහුගේ එම නිර්මානය මෙම වැඩසටහන සදහා ප්‍රධාන රුකුලක් වී ඇත.



8.Season 2 වනතෙක් ග්‍රීන් ඇරෝ යන නම බාවිතා නොකෙරේ.Season 1 පුරාවට ඔහුව හැදිනුවේ green hooded guy හෝ The vigilante ලෙසය.



9.ඔලිවර්ගේ රාත්‍රී සමාජ ශාලාව නම Verdant ය.එහි තේරුම "දීප්තිමත් කොල පාටින් යුක්ත"යන්නයි.තවද " V " අකුරෙන් පිලිබුබු වන්නේ ඊතලයක හිසයි.



10.මෙම වැඩසටහනේ නින්ජාවරු මෙන් සිටින සතුරන් නිවැරදිව නම් කරනු ලබන්නේ The League Of Assassins වශයෙනි.එය මෙවැනිම චිත්‍ර කතා පොත් මාලාවක් ආශ්‍රයෙන් නම් කර ඇත.DC චිත්‍රපට ලෝකයේ(The Dark Knight Trilogy) මෙම කණ්ඩායමම League of Shadows යනුවෙන් හදුන්වනු ලබයි.


 මේ ඉන්නෙ මේ එක දාන්න මට උදව් කරපු කෙනා Nalaka malinda Perera මෙයා තමායි Sinhala Translate කලේ.....මෙයාට සප් එකක් විදියට
මෙතනින් ගිහින් මෙයාගේ පේජ් එකට ගිහින් Like එකක් දාන්න.තව Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා

පට්ටම ආතල් වැඩක්....

No comments

Desktop එකට මැස්සෝ දාමු



අද දෙන්න යන්නේ ටිකක් හිරිකිත ඒත් පට්ට ආතල් Software එකක්........
මේකේ නම virtual fly on desktop. කරලා බලලා ආතල් එකක් ගන්න....පල්ලේහායින් බාගන්න.එහෙනම් අපි ගියෝ.........